2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:59
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියා. තුන්වන චාර්ල්ස් රජුගේ ආරාධනයෙන් පැමිණි ඔහු මෙම සංචාරය අතරතුර රජු සහ අගමැති කියර් ස්ටාමර් හමුවීමට නියමිතව තිබෙනවා.
අද දිනයේදී වින්ඩ්සර් මන්දිරයේදී ඩොනල්ඩ් සහ මෙලානියා ට්‍රම්ප් තුන්වන චාර්ල්ස් රජු සහ කැමිලා රැජිණ මුණගැසීමට නියමිතයි. ඔවුන් රථ පෙරහරකින් සංචාරය කිරීමට නියමිත අතර ඉන් අනතුරුව දිවා භෝජනය පැවැත්වෙනු ඇති. සවස් යාමයේදී දෙවන එලිසබත් රැජිණගේ සොහොන වෙත ආචාර පුද කිරීම ඇතුලු කටයුතු කිහිපයක් සූදානම් කර තිබෙන අතර රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වෙනවා.
හෙට දිනයේ ට්‍රම්ප් චෙකර්ස් මන්දිරයේදී අගමැති කියර් ස්ටාමර් මුණගැසෙනු ඇති. එහිදී ඔවුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා සිදුවන අතර ගිවිසුම් කිහිපයක් ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වනවා. ඒ අතර කෘත්‍රිම බුද්ධිය ඇතුලු තාක්ෂණික ක්ෂේත්‍රයන් ආවරණය වන ගිවිසුම් වන බව දැනගන්නට තිබෙන අතර න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ද ගිවිසුමක් වන බව වාර්තා වනවා.
ට්‍රම්ප්ගේ බ්‍රිතාන්‍ය සංචාරය සිදුවන්නේ දෙපාර්ශවයටම දේශපාලනික වශයෙන් ගැටලුකාරී පසුබිමකයි. එප්ස්ටීන් ලිපිගොනු පිළිබඳ වූ හෙළිදරව් හේතුවෙන් ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති පීටර් මැන්ඩල්සන් ධුරයෙන් පහ කර වැඩි දිනක් ගතව නැති අතර එම පුරප්පාඩුව ද තවම පිරවී නැහැ. එමෙන්ම බ්‍රිතාන්‍ය නියෝජුඅ අගමැති ඇන්ජෙලා රේනර්ගේ හදිසි ඉල්ලා අස්වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය කැබිනට් මණ් ඩලය ද නොබෝදා සංශෝධනය කරනු ලැබුණා.
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 7:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 9:09
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:13
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 8:18