2026 පෙබරවාරි 03, ප.ව. 12:37
ඉන්දියාව මත පනවා ඇති තීරුබදු සියයට 18 දක්වා අඩු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා.
එමෙන්ම ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නවත්වනු ඇති බවත්, ඇමරිකානු භාණ්ඩ මිලදී ගැනීම වැඩි කරනු ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඇමරිකාව විසින් ඉන්දියාව මත සියයට 50 ක තීරුබද්දක් පනවා තිබුණා. ඉන් සියයට 25 ක් පනවා තිබුණේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම හේතුවෙන්. එම සියයට 25 මුලුමනින් ම ඉවත් වන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
කෙසේ වෙතත් මෙම තීරුබදු කෙදින සිට ක්‍රියාත්මක වන්නේ ද, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කෙදින සිට නවතී ද සහ ඉන්දියාව ඇමරිකාවට ලබාදෙන තීරුබදු සහනයන් කවරේ ද යන කාරණා පිළිබඳ නිශ්චිත අදහසක් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ නැහැ.
ඉන්දියාව ට්‍රම්ප්ගේ කලින් තර්ජන හමුවේ දිගටම රුසියාවෙන් බොරතෙල් මිලදී ගත්තා. එමෙන්ම ඉන්දියාව යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට ද නොබෝදා එළඹියා.
2026 පෙබරවාරි 03, ප.ව. 12:51
2026 ජනවාරි 28, ප.ව. 7:15
2026 ජනවාරි 28, ප.ව. 1:39
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39