hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 මැයි 13, ප.ව. 10:13



ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණය මෙම අවස්ථාවේ පැවතුනහොත් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණාත්මක ප්‍රාන්ත පහකදී ජනාධිපති ජෝ බයිඩන්ව පරාජය කරනු ඇතැයි නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත පළ​ කළ සමීක්ෂණ වාර්තාවක් පවසනවා.

මේ අනුව ට්‍රම්ප් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත පහේදී බයිඩන්ට වඩා ජනප්‍රිය තත්ත්වයක සිටිනවා.

ඇරිසෝනා සහ මිචිගන්වල ට්‍රම්ප් සියයට 7 කින් ඉදිරියෙන් සිටින අතර පෙන්සිල්වේනියාවේදී එම අගය සියයට තුනක්. ජෝර්ජියාවෙදී ට්‍රම්ප් සියයට 10 කින් ඉදිරියෙන් සිටිනවා. නෙවාඩා හි එම අගය සියයට 12 ක්.

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය වැඩිවීමට හේතු වී ඇත්තේ තරුණ ඡන්දදායකයන් අතර මෙන්ම කළු සහ හිස්පැනික ඡන්දදායකයන් අතර ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යාම බවයි මෙම සමීක්ෂණය මගින් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් විස්කොන්සින් ප්‍රාන්තයේදී බයිඩන් ට්‍රම්ප්ට වඩා සියයට දෙකකින් ඉදිරියෙන් සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: