2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 10:16
ඇමරිකාව වහාම ක්‍රියාත්මක වන පරිදි න්‍යෂ්ටික අවි අත් හදාබැලීම් නැවත ඇරඹීමට කටයුතු කළ යුතු බවට තමන් යුධ දෙපාර්තමේන්තුවට නියෝග කළේ යැයි එරට ජනාධිපති ඩොනල්‍ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටින්නේ රුසියාවෙන් සහ චීනයෙන් එන අභියෝග හමුවේ තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි.
සිය ටෘත් සෝශල් ගිණුම ඔස්සේ ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදුකළේ ඔහු සහ චීන ජනාධිපති සී ජින්පිං අතර හමුව දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිතව තිබියදී වීම විශේෂත්වයක්.
ට්‍රම්ප් කියා සිටින්නේ ඇමරිකාවට ලෝකයේ විශාලම න්‍යෂ්ටික අවි ප්‍රමාණය තිබෙන අතර ඉන්පසු රුසියාවත්, තරමක් පිටුපසින් චීනයත් සිටින බවයි. චීනය තව අවුරුදු පහකින් තමන් හා සම තැනට පැමිණේ යැයි ඔහු අනුමාන කරනවා.
ස්ටොක්හෝම් අන්තර්ජාතික සාම පර්යේෂණ ආයතනය පවසන පරිදි ඇමරිකාවට න්‍යෂ්ටික යුධ හිස් 5,177 ක් තිබෙන අතර රුසියාව සතුව න්‍යෂ්ටික යුධ හිස් 5,459 ක් තිබෙනවා. චීනය සතු න්‍යෂ්ටික යුධ හිස් ප්‍රමාණය 2035 වනවිට 1,500 දක්වා වැඩි වේ යැයි උපකල්පනය කෙරෙනවා.
න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් තාවකාලිකව අත් හිටුවීමේ තීරණය කොන් ග්‍රස් මණ් ඩලය විසින් 1992 දී ගන්නා ලද්දක්. ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ එම තීරණය වෙනස් කිරීමට සලකා බැලූ නමුත් එය සිදුවූයේ නැහැ.
ට්‍රම්ප් දෙවැනි වතාවට බලයට පැමිණීමෙන් පසු ඇමරිකාව න්‍යෂ්ටික යුධ හිස් ගෙන යා හැකි මිසයිල අත්හදාබැලීම් කිහිපයක් සිදුකළා. පෙබරවාරියේදී සන්නද්ධ නොකරන ලද මිනිට්මන් III අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදාබැලූ අතර සැප්තැම්බරයේදී සබ්මැරීනයකින් ට්‍රයිඩන්ට් II මිසයිල හතරක් නිකුත් කළා.
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:31
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 8:43
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 7:19
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 11:27
2025 ඔක්‍තෝබර් 25, ප.ව. 4:24