hit counter

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2025 දෙසැම්‍බර් 03, ප.ව. 2:40



ඇමරිකා එක්සත් ජනපදය වෙත මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි වූ චෝදනාවලට ඇමරිකානු අධිකරණයක් විසින් වසර 45 ක සිර දඬුවමකට නියම කරනු ලදුව ඇමරිකාවේ බන්ධනාගාරගතව සිටි හිටපු හොන්ඩියුරාස් ජනාධිපති හුවාන් ඔර්ලැන්දෝ හර්නැන්ඩෙස්ට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජනාධිපති සමාව ප්‍රදානය කර තිබෙනවා.

2014 සිට 2022 දක්වා හොන්ඩියුරාස් හි ජනාධිපතිවරයා වූ හර්නැන්ඩෙස් 2022 අප්‍රේල් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදය වෙත උදර්පණය කෙරුණා. ඔහුට එල්ල වූ චෝදනාවලට වරදකරු කරනු ලැබ වසර 45 ක කාලයකට බන්ධනාගාරගත කරන ලද්දේ 2024 දී යි.

ඔහුගේ නඩුවේ දී අධිකරණය ඉදිරියේ හෙළි වූ කරුණු අනුව ඔහුට “එල් චැපෝ” ඇතුලු නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා තිබුණා.

කෙසේ වෙතත් හර්නැන්ඩෙස්ට ජනාධිපති සමාව ලබාදීමට ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

එමෙන්ම පසුගියදා පැවති හොන්ඩියුරාස් ජනාධිපතිවරණයේදී හර්නැන් ඩෙස් එකල නියෝජනය කළ ජාතික පක් ෂයේ අපේක්ෂකයා වූ නස්රි අස්ෆූරා පත්කර නොගතහොත් එරටට ආධාර ලබාදීම නවතාලන බව ද ට්‍රම්ප් ප්‍රකාශ කළා.

මෙතෙක් ගණන් කළ ඡන්ද අනුව අස්ෆූරා ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවකින් දෙවැනි තැනට පත්ව සිටිනවා. ඉදිරියෙන් සිටින්නේ ලිබරල් පක්ෂයේ සැල්වදෝර් නස්රල්ලා යි.