hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 16, පෙ.ව. 6:58



රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහයෝ ප්‍රාන්තයේ සෙනට් සභික J.D. වාන්ස් තෝරාගත් බව ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ රිපබ්ලිකන් ජාතික සම්මේලනය ඇරඹීමට පෙර තම Truth Social සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රකාශයක් කරමින්.

2016 වසරේදී “හිල්බිලි එලෙජි” නමින් සිය ස්වයං චරිතාපදානය පළකරමින් ජාතික මට්ටමෙන් ජනප්‍රියත්වයට පත්වූ වාන්ස් කම්කරු පසුබිමක් සහිත දුගී පවුලකින් පැමිණෙන කොන්සර්වේටිව්වාදියෙක්. මුල් කාලයේ ට්‍රම්ප් විවේචකයකු වූ ඔහු පසුව ට්‍රම්ප්ගේ ප්‍රධානම ආධාරකරුවකු බවට පත්වුණා. ඔහු 2022 මැතිවරණයේදී ඔහයෝ ප්‍රාන්තයෙන් සෙනට් සභාවට තේරී පත්වුණා.

වයස අවුරුදු 40 සම්පූර්ණ වී නැති තරුණයකු වන වාන්ස්, ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සුදු ජාතික​, අඩු ආදායම්ලාභී ඡන්ද පදනම පුළුල් කිරීමට හේතුවන බව පෙනී යනවා.