2024 නොවැම්‍බර් 11, පෙ.ව. 9:04
නොබෝදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග දුරකථන සංවාදයක් පවත්වා ඇතැයි වොෂිංටන් පෝස්ට් පුවත්පත පවසනවා.
මෙහිදී යුක්‍රේන යුද්ධය පැතිරීම වැළැක්වීමේ වැදගත්කම ට්‍රම්ප් විසින් පෙන්වා දී ඇති අතර යුරෝපයේ සාමය ස්ථාපිත කිරීම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කර ඇතැයි සඳහන්.
මෙම සාකච්ඡාව සිදුවන බව යුක්‍රේනියානු බලධාරීන් ද දැනසිටි බවත් ඒ පිළිබඳ පුටින් ද විරුද්ධත්වයක් නොදැක්වූ බවත් වොෂිංටන් පෝස්ට් වාර්තාව කියා සිටිනවා.
තමන් ජනාධිපති ධුරයට පත්වූ පසු පැය 24 කින් යුද්ධය නිම කරන්නේ යයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඒ පිළිබඳව යුක්‍රේනය අවිශ්වාසය පළකරන අතර රුසියාව ද ප්‍රකාශ කර තිබුණේ පැය 24 කින් අවසන් කිරීමට තරම් මෙම ප්‍රශ්නය සරල නොවන බවයි.
ට්‍රම්ප් පුටින් සමග කළ සාකච්ඡාවට රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බන්ධ වී නැති අතර එය සඳහා නිල භාෂා පරිවර්තකයන් ද සම්බන්ධ කරගෙන නැහැ. සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයකු පත්වන්නට නියමිත අවස්ථාවේ එසේ සිදුකිරීම සම්ප්‍රදාය වනවා.
2025 අප්‍රේල් 08, ප.ව. 5:41
2025 අප්‍රේල් 03, ප.ව. 8:58
2025 මාර්තු 31, ප.ව. 5:53
2025 මාර්තු 31, ප.ව. 1:43
2025 මාර්තු 31, ප.ව. 1:15