2025 මාර්තු 17, ප.ව. 7:18
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් අතර දුරකථන සංවාදයක් මාර්තු 18 වනදා පැවැත්වෙන බව ක්‍රෙම්ලීනය තහවුරු කර සිටිනවා.
මෙහිදී දෙදෙනා සාකච්ඡා කරනුයේ කුමන කරුණු පිළිබඳවදැ යි ක්‍රෙම්ලීනය විස්තර හෙළිදරව් කළේ නැහැ. කෙසේ වෙතත් මීට ප්‍රථමයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ යුක්‍රේන යුද්ධයෙහි සටන් විරාමයක් අරභයා කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
පසුගියදා යුක්‍රේනය දින තිහක සටන් විරාමයකට කැමැත්ත පළකළ ද රුසියාව ඊට ස්වකීය කොන් දේසි ඉදිරිපත් කළා. රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් කියා සිටියේ තමන් කෙටි කාලීන සටන් විරාමයක් නොව ස්ථිර විසඳුමක් බලාපොරොත්තු වන බවයි.
යුක්‍රේනය කෙටිකාලීන සටන් විරාමයකට කැමැත්ත පළ කරන්නේ ඔවුන් පසුබසිමින් සිටින නිසා බවයි පුටින් කියා සිටියේ.
යුක්‍රේන හමුදා රුසියාවේ කුර්ස්ක් පළාතෙන් පසුබසිමින් සිටින අතර මේ වනවිට රුසියානුවන් යුක්‍රේනයේ සූමි පළාත වෙත ද ඇතුලත්ව සිටින බව වාර්තා වනවා.
2025 මාර්තු 17, ප.ව. 7:29
2025 මාර්තු 16, ප.ව. 1:05
2025 මාර්තු 14, ප.ව. 8:14
2025 මාර්තු 13, ප.ව. 1:57
2025 මාර්තු 12, ප.ව. 11:08