2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වේදෆ් විසින් සිදුකරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන දෙකක් පිටත් කර යවා තිබෙනවා.
පූර්ව ආරක්ෂක පියවරක් ලෙස සුදුසු ස්ථානයන් වෙත එම සබ්මැරීන පිටත් කළ බවයි ට්‍රම්ප් පවසන්නේ.
මෙම සබ්මැරීන න්‍යෂ්ටික අවි ගෙන යා හැකි යාත්‍රාදැයි පැහැදිලි වූයේ නැහැ. එමෙන්ම ඒවා කිනම් ප්‍රදේශයන් කරා පිටත් කළේදැයි පැහැදිලි වූයේ ද නැහැ.
රුසියාව දින දහයක්, දොළහක් ඇතුලත යුක්‍රේන යුද්ධය අවසන් කරන්නේ නැතිනම් එරටට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියා. ඊට ප්‍රතිචාර දක්වන මෙද්වේදව් සඳහන් කළේ රුසියාව න්‍යෂ්ටික බලවතකු බව ට්‍රම්ප් මතක තබාගත යුතු බවයි.
කෙසේ වෙතත් මෙද්වේදෆ් කරන ප්‍රකාශයන්ට කිසිදු බලයක් නොමැති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෑතකදී කියා සිටියා. ඔහු රුසියානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ වැදගත් තනතුරක් දැරුවද ඔහුට තීරක බලයක් නොමැති බවයි රූබියෝ පෙන්වා දෙන්නේ.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38
2025 ජූලි 28, ප.ව. 6:23