hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජූලි 21, ප.ව. 6:33



ජූලි 13 වනදා බට්ලර් ප්‍රදේශයේ රැළියක් අවස්ථාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩිතැබූ තැනැත්තා ඊට පෙර එම ස්ථානයට ඉහළින් ඩ්‍රෝන යවා එම ප්‍රදේශය පරික්ෂා කර ඇතැයි විමර්ශකයින් වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට පවසා තිබෙනවා.

ට්‍රම්ප් රැළිය පිළිබඳ ප්‍රචාරය කරන ලද පසු, තෝමස් මැතිව් කෘක්ස් නම් එම 20 හැවිරිදි පුද්ගලයා එම ස්ථානය පරික්ෂා කිරීම සිදුකර ඇති අතර​, එම රැළියට සහභාගී වීමට ජූලි 7 වනදා සිය නම ලියාපදිංචි කරන්නට ද කටයුතු කර තිබෙනවා. ඉන් දින කිහිපයකට පසු ඔහු එම ස්ථානයට පැමිණ එය නිරීක්ෂණය කර ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් කෘක්ස්ගේ ප්‍රයත්නයෙහි අරමුණ කුමක්දැයි පැහැදිලි කරගන්නට තවමත් විමර්ශකයන් අසමත්ව තිබෙනවා. කෘක්ස් එළඹෙන මාසයේ පැවැත්වෙන ඩිමොක්‍රටික් ජාතික සම්මේලනය පිළිබඳව මෙන්ම ජනාධිපති ජෝ බයිඩන් පිළිබඳව ද තොරතුරු සොයා ඇති බව ද සඳහන්.

ජූලි 13 වනදා මෙම පුද්ගලයා විසින් සිදුකරන ලද වෙඩිතැබීමෙන් ට්‍රම්ප් දිවි ගලවාගත්ත ද එක් අයකු එම වෙඩිතැබීමෙන් මියගියා.

Example Image