2025 ජූලි 15, පෙ.ව. 2:12
රුසියා – යුක්‍රේන යුද්ධයට දින 50 ක් තුළ සටන් විරාමයක් ළඟා කරගැනීමට අපොහොසත් වුවහොත් රුසියාවට සහ ඔවුන්ගේ සහචරයින්ට සියයට සියයක ද්විතීයික තීරු බදු පනවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා.
ඊට අමතරව යුක්‍රේනයට විශාල අවි ප්‍රමාණයක් ලබාදෙන්නේ යැයි ද ඔහු කියා සිටියා. ඒ අතර පේට්‍රියට් මිසයිල බැටරි 17 ක් පමණ ද වන්නේ යැයි ඔහු සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ අවි සඳහා යුරෝපා රටවල් වියදම දැරිය යුතු බවයි ඔහු පැවසූයේ.
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් හිටපු ජනාධිපතිවරුන් වන බුෂ්, ක්ලින්ටන්, ඔබාමා සහ බයිඩන් රැවටීමට ලක් කළ ද තමන්ව රැවටීමට ඔහුට නොහැකි බවත් ට්‍රම්ප් පවසනවා.
ද්විතීයික තීරුබදු යනු තුන්වන පාර්ශව වෙත පනවන තීරුබද්දක්. යම් රටක් සමග වෙළෙඳාම් කරන පාර්ශව වෙත ඇමරිකාව විසින් තීරු බදු පනවනු ඇතැයි ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් ගම්‍ය වනවා. නමුත් ඔහු ඒ පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කළේ නැහැ.
2025 ජූලි 14, ප.ව. 6:56
2025 ජූලි 14, ප.ව. 2:49
2025 ජූලි 09, ප.ව. 8:39
2025 ජූලි 07, ප.ව. 11:55
2025 ජූලි 04, ප.ව. 7:46