hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 අගෝස්‍තු 25, පෙ.ව. 5:54



හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා හි පිහිටි ෆුල්ටන් කෝරළ බන්ධනාගාරය වෙත භාර වුණා. ඒ 2020 ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහ කළේය යනුවෙන් ගොනු කරන ලද අධිචෝදනාවලට අදාලවයි.

ට්‍රම්ප්ට අගෝස්තු 25 දහවල් 12 දක්වා මෙසේ භාරවීමට කල් ලබාදී තිබුණා.

ට්‍රම්ප්ගේ ඡායාරූප සහ ඇඟිලි සලකුණු ආදිය ලබාගෙන නඩු දිනය තෙක් ඔහුව නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ට්‍රම්ප් ඇතුලු 19 දෙනකු මෙහි චූදිතයන් ලෙස නම්කර තිබෙන අතර නඩු විභාගය ආරම්භ වන දිනය පිළිබඳ තවම නිශ්චිත අදහසක් නැහැ.