hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි 21, පෙ.ව. 9:04



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාත්‍යන්තර හදිසි තත්ත්ව ආර්ථික බලතල පනත යටතේ පනවන ලද තීරුබදු අනීතික බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීරණය කෙරුණා.

මේ අනුව ට්‍රම්ප් විසින් ස්ව අභිමතය පරිදි රටවල් ගණනාවක් මත පැනවූ තීරුබදුවලින් ඉතා විශාල ප්‍රමාණයක් අවලංගු වනවා.

මෙම කරුණ පිළිබඳ පෙත්සම් විභාගය පසුගිය නොවැම් බරයේදී නිමා වූ නමුත් තීන්දුව ලබාදීම සඳහා අධිකරණය මාස කිහිපයක් ගතකළා. අවසානයේදී 6-3 ලෙස බෙදුණු තීන්දුවක් අනුව අධිකරණය නිගමනය කර ඇත්තේ මූල්‍ය කරුණු පිළිබඳ තීරණ කොන්ග්‍රස් මණ්ඩලය සතු බැවින් ජනාධිපතිවරයාට පවතින නීති රාමුව යටතේ ස්ව අභිමතය පරිදි තීරුබදු පැනවිය නොහැකි බවයි.

හදිසි තත්ත්වයකදී ජනාධිපතිවරයාට එවන් පියවර ගතහැකි නමුත් මෙම අවස්ථාවේ එවන් තත්ත්වයක් නොමැති බව අධිකරණය පෙන්වා දෙනවා.