2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31
චීනයට එරෙහිව සියයට සියයක තීරුබද්දක් පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෝදා ප්‍රකාශ කළා. මෙය ක්‍රියාත්මක වනු ඇත්තේ නොවැම් බර් 1 වනදා සිටයි.
මේ වනවිට පනවා ඇති සියයට 30 තීරුබද්දට මෙම සියයට 100 එකතු කෙරෙනු ඇති.
චීනය විසින් ඇමරිකාවට විරල පාංශු ලෝහ අපනයනය කිරීම පිළිබඳ සීමා පැනවීම මෙම තීරුබදු සඳහා ආසන්නතම හේතුව වනවා.
ට්‍රම්ප් සඳහන් කරන්නේ චීනය විසින් එම සීමා ඉවත් කරන්නේ නම් තීරුබදු පැනවීමේ තීරණය වෙනස් කළ හැකි බවයි.
කෙසේ වෙතත් එම සීමා වෙනස් කිරීමට තමන් සූදානම් නැතැයි චීනය ප්‍රකාශ කර තිබුණා.
ඉලෙක්ට්‍රොනික උපාංග, ඉලෙක්ට්‍රික් වාහන සහ නවීන තාක්ෂණික උපකරණ නිපදවීමේදී විරල පාංශු ලෝහ වැදගත් වනවා. මේ වනවිට ලෝකයේ විරල පාංශු ලෝහ සැපයුම් දාමයන් සියයට 70 ක් ද එම ලෝහ පිරිසැකසුම් කිරීමේ හැකියාවෙන් සියයට 90 ක් ද ඇත්තේ චීනයට යි.
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 10, ප.ව. 7:29
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 8:33
2025 සැප්තැම්බර් 28, පෙ.ව. 9:24