hit counter

2025 ජූලි මස 09 වන බදාදා

2025 ජූලි 09, ප.ව. 8:39



යුක්‍රේනයට පහර දුන්නහොත් මොස්කව් නගරය වෙත දරුණු ලෙස බෝම්බ හෙළන බවට තමන් රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින්ට අනතුරු ඇඟවූ බව ද තායිවානයට පහර දුන්නහොත් බෙයිජිං නගරයට බෝම්බ දමන බවට චීන ජනාධිපති සී ජින්පිංට අනතුරු ඇඟවූ බව ද ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කෙරෙන හඬපටයක් ප්‍රසිද්ධ වී තිබෙනවා.

ඇමරිකාවේ මාධ්‍ය ආයතනය විසින් මුල් වරට ප්‍රසිද්ධියට පත්කළ මෙම හඬපටය ලැබී ඇත්තේ “2024: ට්‍රම්ප් ධවල මන්දිරය නැවත අත්පත් කරගත් අයුරු සහ ඩිමොක්‍රැටික් පක්ෂය පරාජය වූ අයුරු” නම් කෘතිය රචනා කළ ජොෂ් ඩෝසි, ටයිලර් පේජර් සහ අයිසැක් ආර්න්ස්ඩෝර්ෆ් යන ලේඛකයන්ට බවයි සඳහන් වූයේ.

මෙය 2024 ජනාධිපතිවරණය සඳහා පැවති පෞද්ගලික අරමුදල් රැස්කිරීමේ රැස්වීමකදී ට්‍රම්ප් විසින් සඳහන් කරන ලද්දක් බවයි කියැවෙන්නේ.

මෙම හඬපටය පිළිබඳ ට්‍රම්ප් විසින් කිසිවක් ප්‍රකාශ කර නොතිබුණු අතර ක්‍රෙම්ලීනය මෙය සත්‍ය හඬපටයක්දැ යි ප්‍රශ්නය නගා තිබුණා.