2025 ජූලි 14, ප.ව. 2:49
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයට පේට්‍රියට් ගුවන් ආරක්ෂණ මිසයිල ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ තමා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පිළිබඳව නොසතුටෙන් පසුවන බවයි. පුටින් ඉතා හොඳින් කතා බහ කර, පසුව බෝම්බ දමන බවත්, තමන් ඊට අකමැති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
යුක්‍රේනයට ආයුධ ලබාදෙන්නේ ආධාර ලෙස නොවන බවයි වාර්තා වන්නේ. ඇමරිකාවෙන් ලැබෙන ආයුධ නේටෝ සංවිධානය විසින් මිලට ගෙන යුක්‍රේනයට ලබාදෙනු ඇති බව සඳහන් වනවා. ඇමරිකාව නේටෝවේ සාමාජිකයකු වන නිසා වක්‍රාකාරයෙන් ඇමරිකාවත් යම් දායකත්වයක් ලබාදෙන නමුත්, සම්පූර්ණ බර ඔවුන් මත පැටවෙන්නේ නැහැ.
2025 ජූලි 15, පෙ.ව. 2:12
2025 ජූලි 14, ප.ව. 6:56
2025 ජූලි 09, ප.ව. 8:39
2025 ජූලි 07, ප.ව. 11:55
2025 ජූලි 04, ප.ව. 7:46