hit counter

2025 අප්‍රේල් මස 21 වන සඳුදා

2024 මාර්තු 15, පෙ.ව. 8:17



හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණය ජයගනු ඇතැයි තමන් නොසිතන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසනවා.

රූපවාහිනී සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ ට්‍රම්ප්ට යුක්‍රේන යුද්ධය අවසාන කිරීම පිළිබඳ ඔහුගේ අපේක්ෂාවන් ඉටු කරන්නට සිදු නොවනු ඇති බවයි.

මෑතකදී හන්ගේරියානු අගමැති වික්ටර් ඔර්බාන් සඳහන් කර තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වුවහොත් යුක්‍රේනයට ලබාදෙන ආධාර නවතිනු ඇති බවයි. එවිට යුක්‍රේනය සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳාගැනීමට පෙළඹෙනු ඇතැයි ඔර්බාන් කියා සිටියා.

කෙසේ වෙතත් මැක්‍රොන් අවධාරණය කරන්නේ යුක්‍රේනය යුද්ධයෙන් පරාජය වන තත්ත්වයකදී නේටෝ හමුදා යැවීමේ විකල්පය තවමත් සලකා බැලිය යුතු බවයි. ඔහු නොබෝදා එම අදහස මුලින්ම ඉදිරිපත් කළවිට එයට නේටෝ රටවල ද එතරම් විශාල සහයක් ලැබුණේ නැහැ.