hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:19



සිරියාවේ හයාට් තහ්රීර් අල්-ෂාම් සංවිධානය සමග එක්ව බෂාර් අල්-අසාද් පාලනයට එරෙහිව සටන් වැදුණ උයිගර්වරුන් ඇතුළු කණ්ඩායම්වලින් සමන්විත තුර්කිස්ථාන ඉස්ලාමික පක්ෂය චීනයට අභියෝග කර තිබෙනවා.

ඔවුන් තර්ජනය කරන්නේ සින්ජියෑං පළාතේ නගරවලදී චීනයට එරෙහිව ද සටන්වදින බවයි.

සින්ජියෑං පළාතේ උයිගර් ජනයා පීඩාවට පත් කරනේ යයි චීන ආණ්ඩුවට එරෙහිව චෝදනා මතුවනවා.

2013 දී පමණ තුර්කිස්ථාන ඉස්ලාමික පක්ෂය ස්ථාපිත කළේ යයි සැලකෙනවා. ඔවුන් අරමුණු කරන්නේ මධ්‍යම ආසියාවේ තුර්කිස්ථානය නම් රාජ්‍යයක් පිහිටුවාගැනීම යි.