2024 ජූනි 05, ප.ව. 9:55
නේටෝ සාමාජික රටක් වන තුර්කිය BRICS එකමුතුව හා එක්වීම පිළිබඳ අවධානය යොමු කර ඇතැයි ප්‍රකාශ කරනවා. එරට විදේශ අමාත්‍ය හකාන් ෆිදාන් පසුගියදා කියා සිටියේ රුසියාවේදී නුදුරු අනාගතයේ පැවැත්වීමට නියමිත BRICS විදේශ අමාත්‍යවරුන්ගේ හමුව වෙත තමන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
තුර්කිය කලක පටන් යුරෝපා සංගමයට එක්වීම පිළිබඳ බලාපොරොත්තු තබා තිබුණ ද ඇතැම් රටවලින් ඊට විරෝධයක් මතුව තිබෙන හෙයින් එය මෙතෙක් ඉටු කරගත නොහැකි වූ බවයි ෆිදාන් කියා සිටියේ. BRICS එකමුතුව ඉතා වැදගත් විකල්ප වේදිකාවක් සපයන බව අමතක කළ නොහැකි කරුණක් බවයි ෆිදාන් කියා සිටින්නේ.
BRICS විදේශ අමාත්‍යවරුන්ගේ හමුව එළඹෙන සතියේදී රුසියාවේ නිෂ්නි නෝව්ගරද් නගරයේදී පැවැත්වෙන්නට නියමිතව තිබෙනවා.
බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත වූ BRICS එකමුතුවට මෑතකදී ඉරානය, ඊජිප්තුව, ඉතියෝපියාව, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් යන රාජ්‍යයන් එක්වූ අතර තවත් රටවල් ඊට එක්වීම පිළිබඳ අවධානය යොමුකර තිබෙනවා. තායිලන්තය ද මෑතකදී BRICS සමග එක්වීමට කැමැත්ත පළ කර තිබුණා.
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35
2024 දෙසැම්බර් 20, ප.ව. 6:06
2024 දෙසැම්බර් 17, ප.ව. 11:25
2024 දෙසැම්බර් 15, ප.ව. 6:19
2024 දෙසැම්බර් 15, ප.ව. 6:16