hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 අගෝස්‍තු 20, පෙ.ව. 12:01



පලස්තීන වෙඩික්කරුවකු යයි සැක කරන අයකුගේ වෙඩිතැබීමකින් 60 හැවිරිදි ඊශ්‍රායල වැසියෙක් හා ඔහුගේ 29 හැවිරිදි පුත්‍රයා මියගොස් ඇතැයි වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ බටහිර ඉවුරේ නබ්ලුස් නගරයට දකුණු දෙසින් වන ගම්මානයකදී යි.

ඊශ්‍රායල ආර​ක්ෂක අංශ විසින් වෙඩිතැබීම කළ තැනැත්තා සොයා පරීක්ෂණ දියත් කෙරුණ බව ද වාර්තා වුණා.

මෑත දිනවල ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර උණුසුම්කාරී තත්ත්වයක් වර්ථනය වෙමින් තිබෙනවා. මේ හේතුවෙන් අනාගතයේදී දරුණු ගැටුම් ඇතිවීමේ අවදානමක් ද මතුවෙමින් තිබෙනවා.