hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 ජනවාරි 14, ප.ව. 1:06



ඇමරිකානු නාවික හමුදාවේ SEALs භටයින් දෙදෙනකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඒඩන් බොක්කෙහි කළ මෙහෙයුමක් අතරතුර දී අතුරුදහන්ව ඇතැයි වාර්තා වනවා.

මාධ්‍ය වාර්තා කියා සිටියේ මෙම භටයින් කිසියම් යාත්‍රාවකට ගොඩවීමේදී මුහුදට වැටී ඇති බවයි. මෙම මෙහෙයුම දැඩි අන්ධකාරය යටතේ සිදු කරන ලද්දක් බවයි පැවසෙන්නේ.

මෙසේ යාත්‍රාවකට ගොඩබැසීමේ මෙහෙයුමක් දියත් කිරීමට හේතුව නිල වශයෙන් පැහැදිලි කරනු ලැබ නැහැ.

ඒඩන් බොක්ක පිහිටා ඇත්තේ සෝමාලියාව සහ යේමනය අතරයි. ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ගුවන් හමුදා එදින රාත්‍රියේ යේමනයේ හූති කැරලිකරුවන් වෙත ගුවන් ප්‍රහාර ද එල්ල කළා.

Example Image