2024 නොවැම්බර් 20, ප.ව. 4:51
යුක්රේනයට අද දින දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් තිබේ යයි එරට ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කළා.
ඔවුන් පැවසූයේ අද දින ඔවුන් සිය සේවයන් ක්‍රියාත්මක නොකරන බවයි. මේ අතර ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ තානාපති කාර්යාලයන් ද මීට සමාන නිවේදන නිකුත් කළා.
රුසියාව අභ්‍යන්තරයට පහරදීම සඳහා මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට ඇමරිකාව විසින් අවසර ලබාදීමත් සමග රුසියාවෙන් කිනම් ආකාරයේ ප්‍රතිචාරයක් ඇතිවේද යන සැකය මතුවී තිබෙනවා. මේ අතර රුසියාව සිය න්‍යෂ්ටික අවි ප්‍රතිපත්තිය වෙනස් කිරීමට ද කටයුතු කළා. එහෙයින් න්‍යෂ්ටික ප්රහාරයක අවදානම පිළිබඳව ද සාකච්ඡාවක් මතුවී තිබෙනවා.
2024 නොවැම්බර් 18, ප.ව. 5:34
2024 නොවැම්බර් 17, ප.ව. 5:17
2024 නොවැම්බර් 14, ප.ව. 2:06
2024 නොවැම්බර් 14, ප.ව. 12:56
2024 නොවැම්බර් 13, පෙ.ව. 9:06