hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 21, ප.ව. 12:14



රුසියාවේ නිෂ්නි නෝව්ගරද් පළාතේ ජර්සින්ස්ක් නගරයේ පිහිටි අවි කම්හල වෙත ප්‍රහාරයක් එල්ල කළ බව යුක්‍රේනය පවසනවා. මෙය රුසියාවේ විශාලම අවි කම්හල බවයි යුක්‍රේනය පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රහාරයෙන් කොතෙක් හානි සිදුව ඇතිදැයි නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුව නැහැ.

මේ අතර රුසියාවේ ලීපෙත්ස්ක් ප්‍රදේශයෙහි ගුවන් හමුදා කඳවුරක් වෙත ද යුක්‍රේන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.