hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 28, පෙ.ව. 11:13



යුක්‍රේනය විසින් ස්වදේශීයව නිපදවූ බැලිස්ටික් මිසයිලයක් මුල් වතාවට අත්හදාබැලූ බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අගෝස්තු 27 වනදා ප්‍රකාශ කළා.

මේ අතර ආරක්ෂක ඇමති රුස්තම් උමේරෆ් ඊට කලින් දිනයේ සඳහන් කර තිබුණේ යුක්‍රේනය වෙත එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයට යුක්‍රේනය විසින් ස්වදේශීයව නිපදවන ලද අවිවලින් ප්‍රතිචාර දක්වන බවයි.

එමෙන්ම යුක්‍රේනය තමන් විසින් නිපදවන ලද පලියනිත්සා නම් වූ ඩ්‍රෝන මිසයිලයක් පිළිබඳ අගෝස්තු 24 වනදා හෙළිදරව් කළා. ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදී යුක්‍රේනයේ ඩිජිටල් පරිවර්තන අමාත්‍ය මිහායිලෝ ෆෙදරෝෆ් සඳහන් කළේ මෙම ඩ්‍රෝන මිසයිලයක් නිපදවීමේ වියදම ඇමරිකානු ඩොලර් මිලියනයකට අඩු බවයි. තවද පුද්ගලික අංශය සමග සහයෝගයෙන් මෙය වැඩිදියුණු කර වියදම අඩු කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.