2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 11:35
යුක්‍රේනයට රුසියාව පරාජය කරමින් තමන්ට අහිමි වූ සියළු ප්‍රදේශ නැවත ලබාගත හැකි යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ සඳහන් කළා.
නිව් යෝර්ක් නගරයේදී මාධ්‍යවේදීන් සමග අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රුසියාවේ ආර්ථිකය කඩා වැටෙන බවත් එහෙයින් ඔවුනට යුධ පරාජය අත්වනු ඇති බවත්.
බටහිර රටවල උපකාරයෙන් යුක්‍රේනයට රුසියානු තර්ජනය පරාජය කළ හැකි බවයි ට්‍රම්ප් කියා සිටියේ.
ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් පැවැත්වුණා. එයින් අනතුරුව සෙලෙන්ස්කි මාධ්‍යයට ප්‍රකාශ කළේ තමන් කෙරෙහි ට්‍රම්ප්ගේ විශ්වාසය වර්ධනය වී ඇති බව විශ්වාස කරන බවයි.
රුසියාවේ ආර්ථික වර්ධනය වීම මෙම වසරේදී කිසියම් අඩුවීමක් පෙන්නුම් කෙරේ යැයි අනාවැකි පළවී තිබෙනවා. නමුත් රුසියාව ආර්ථික අවපාතයක් කරා ගමන් නොකරන බවයි එරට රජය පවසන්නේ.
2025 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 9:24
2025 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:07
2025 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 6:52
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:59
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43