hit counter

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි 12, ප.ව. 10:40



යුක්‍රේනයට යළි 2014 ට පෙර තිබූ දේශසීමාව ඇතිකරගැනීම කළ නොහැකි, යථාර්ථවාදී නොවන ඉලක්කයක් බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

බ්‍රසල්ස් නගරයේ නේටෝ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ එවන් යථාර්ථවාදී නොවන ඉලක්කයක් වෙනුවෙන් නිකරුණේ ජීවිත බිලිදීම නිශ්ඵල බවයි.

යුක්‍රේන යුද්ධය කඩිනමින් නැවැත්වීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අභිලාශය බවත් ඒ සඳහා යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සාකච්ඡා මේසය කරා ගෙනා යුතු බවත් හෙග්සෙත් පවසනවා.

මේ අතර යුරෝපයේ ආරක්ෂාව ඇමරිකාවේ ප්‍රධානම ගැටලුව නොවන බව ද හෙග්සෙත් අවධාරණය කළා. ඒ සඳහා යුරෝපය වඩා වැඩි දායකත්වයක් දැක්විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නේටෝ රටවල් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් ආරක් ෂාව සඳහා යෙදවිය යුතු යයි ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණා.

යුරෝපය තුළ ද සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3 ක් වත් ආරක්ෂාව සඳහා යෙදවීම පිළිබඳ සාකච්ඡාවක් ඇතිව තිබෙනවා. එහෙත් එම තත්ත්වය ළඟා කරගැනීම ඇතැම් රටවලට අභියෝගයක් බවයි පැවසෙන්නේ.