hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජනවාරි 18, ප.ව. 6:29



යුක්‍රේනයට ටෝරස් මිසයිල ලබාදීමේ යෝජනාවක් ජර්මන් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වුණා.

මෙම යෝජනාවට එරට ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුව සහ ක්‍රිස්තියානි සමාජ එකමුතුව සන්ධානයෙන් පිටත අන් දේශපාලන පක්ෂවල වැඩි සහයක් ලැබෙන්නේ නැහැ. එහෙයින් එම යෝජනාව ඡන්ද 485 ට 178 ක් ලෙස ප්‍රතික්ෂේප වුණා.

ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂොල්ට්ස්ගේ මතය වන්නේ දිගු දුර මිසයිල ලබාදීමෙන් අවි ගැටුම තවත් පැතිරීමේ අවධානමක් ඇති බවයි. ටෝරස් මිසයිලවලට කිලෝග්‍රෑම් 500 ක යුධ හිසක් කිලෝමීටර් 500 ක් දුරකට එල්ල කිරීමේ හැකියාව පවතිනවා.

ඇමරිකාව සහ ප්‍රංශය දිගු දුර මිසයිල යුක්‍රේනයට ලබාදීමට එකඟව ඇති හෙයින් ජර්මනියට ද එම පියවර ගන්නා ලෙස බලපෑම් වැඩිවී තිබෙනවා.