hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 28, පෙ.ව. 10:49



අගෝස්තු 26 වනදා යුක්‍රේනය වෙත එල්ල වූ ප්‍රබල රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා F-16 යානා යොදාගත් බව ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ එම යානාවල ක්‍රියාකාරීත්වය පිළිබඳ තමන් සතුටු වන බවයි. රුසියානු ඩ්‍රෝන සහ මිසයිල කිහිපයක්ම F-16 යානා මගින් විනාශ කළ බවයි සෙලෙන්ස්කි සඳහන් කළේ. එම යානා ලබාදීම පිළිබඳ මිත්‍ර රටවලට ස්තූතිවන්ත වන බව ද ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් තමන්ට ලැබී ඇති යානා සංඛ්‍යාව තවමත් ප්‍රමාණවත් නොවන බව කියා සිටි සෙලෙන්ස්කි ඉතිරි යානා කඩිනමින් ලබාදෙන ලෙස ද තම නියමුවන් පුහුණු කිරීම කඩිනම් කරන ලෙස ද ඉල්ලීමක් කළා.

යුක්‍රේනයට යුරෝපීය රටවල් හතරක් විසින් F-16 යානා 79 ක් ලබාදීමට නියමිතව තිබෙනවා. මෙතෙක් ලැබී ඇත්තේ යානා 10 ක් පමණක් බවයි වාර්තා වන්නේ. මෙම යානාවලට අවශ්‍ය අවි ආයුධ ලබාදෙන බවට ඇමරිකාව ප්‍රතිඥාවක් දී තිබෙනවා. එමෙන්ම යුක්‍රේන නියමුවන් පුහුණු කිරීම ද තවමත් සිදුවනවා. පුහුණුව ලද පළමු කණ්ඩායමේ නියමුවන් 12 දෙනකු වූ බව වරක් වාර්තා වී තිබුණා.