2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:31
එළඹෙන වසන්ත ඍතුව වනවිට යුක්‍රේනය බිඳවැටීමේ අවදානමක් ඇතැයි ලන්ඩනයේ “ද ටයිම්ස්” පුවත්පතේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ කර්තෘ රොජර් බෝයිස් පවසනවා.
ඔහු කියා සිටින්නේ කරුණු කිහිපයක් හේතුවෙන් මෙම අවදානම මතුවන බවයි.
යුක්‍රේනයට යුද්ධය පවත්වාගැනීම සඳහා අවශ්‍ය මුදල් හිඟය මෙයින් එක් හේතුවක්. දැනට තිබෙන අරමුදල් එළඹෙන වසන්තය වනවිට අවසන්ව යනු ඇති අතර අමතර මූල්‍ය ආධාර අවශ්‍යව තිබෙනවා. ඇමරිකාව ආධාර ලබාදීමෙන් ඉවත්ව තිබෙන හෙයින් යුරෝපය එම බර දැරිය යුතු වන නමුත් යුරෝපයේ පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් එය ද අපහසු ව තිබෙනවා.
මේ අතර රුසියානුවන් සටන් පෙරමුණේ ජයග්‍රහණ කිහිපයක් ලබමින් සිටිනවා. පක්‍රොව්ස්ක් සහ මීර්නග්‍රද් නගරවල පාලනය කෙමෙන් රුසියානුවන් අතට පත්වෙමින් තිබෙනවා. කන්ස්තන්තීනෆ්කා නගරය වටලනු ලබමින් තිබෙනවා. කුපියාන්ස්ක් නගරය ද රුසියානුවන් අතට පත්වෙමින් තිබෙනවා.
රොජර් බෝයිස් සඳහන් කරන්නේ සිසිර ඍතුවේදී රුසියානුවන් දිගටම ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේන ආරක්ෂක වළලු බිඳ දැමීමට අපේක්ෂා කරනු ඇති බවයි. මේ අතර රුසියාව විසින් 2025 දී බඳවා ගැනීමට බලාපොරොත්තු වූ 350,000 ක පිරිසෙන් කොටසක් මේ වෙද්දී යුධ පුහුණුව ලබමින් සිටිනවා. වසන්තය වනවිට ඔවුන් ද සටන් බිමට ගෙන්වා යුක්‍රේනය මධ්‍යයටම කඩාවැදීම රුසියානු සැලසුම විය හැකි බවයි රොජර් බෝයිස් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
ඇමරිකානු සම්බාධක සහ රුසියානු තෙල් පිරිපහදු වෙත එල්ල කෙරෙන යුක්‍රේන ප්‍රහාරවලින් කෙටි කාලීනව මෙම තත්ත්වය වෙනස් වේ යැයි අපේක්ෂා කිරීම අපහසු බවයි “ද ටයිම්ස්” පුවත්පත පවසන්නේ.
2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 10:16
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 8:43
2025 ඔක්‍තෝබර් 29, ප.ව. 7:19
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 11:27
2025 ඔක්‍තෝබර් 25, ප.ව. 4:24