2024 පෙබරවාරි 13, ප.ව. 6:50
ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදීමට සූදානම් වන ඩොලර් බිලියන 95.3 ක් වන අන්තර්ජාතික යුධ ආධාර පැකේජයට සෙනට් සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.
මේ අනුව යුක්‍රේනයට ඩොලර් බිලියන 60 ක ආධාර ලබාදීමට යෝජනා වී ඇති අතර ඊශ්‍රායලයට ඩොලර් බිලියන 14 ක් ද ගාසා තීරයේ මානුශීය ආධාර සඳහා ඩොලර් බිලියන 9.2 ක් ද ලබාදීමට යෝජනා වී තිබෙනවා. ඉතිරි මුදල ඉන්දු – පැසිෆික් කලාපයේ රටවල් වෙතයි ලැබීමට නියමිතව ඇත්තේ.
ඩිමොක්‍රටික් පාක්ෂික සෙනට් සභිකයන් මෙන්ම රිපබ්ලිකන් සෙනට් සභිකයන් පිරිසකගේ ද සහයෙන් ඡන්ද 70-29 ක් ලෙස මෙම යෝජනාවලිය සම්මත වුණා. කෙසේ වෙතත් මෙය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පරාජය වීමට ඉඩ තිබෙනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59