2024 පෙබරවාරි 13, ප.ව. 6:50
ඇමරිකා එක්සත් ජනපදය විසින් ලබාදීමට සූදානම් වන ඩොලර් බිලියන 95.3 ක් වන අන්තර්ජාතික යුධ ආධාර පැකේජයට සෙනට් සභාවේ අනුමැතිය ලැබී තිබෙනවා.
මේ අනුව යුක්‍රේනයට ඩොලර් බිලියන 60 ක ආධාර ලබාදීමට යෝජනා වී ඇති අතර ඊශ්‍රායලයට ඩොලර් බිලියන 14 ක් ද ගාසා තීරයේ මානුශීය ආධාර සඳහා ඩොලර් බිලියන 9.2 ක් ද ලබාදීමට යෝජනා වී තිබෙනවා. ඉතිරි මුදල ඉන්දු – පැසිෆික් කලාපයේ රටවල් වෙතයි ලැබීමට නියමිතව ඇත්තේ.
ඩිමොක්‍රටික් පාක්ෂික සෙනට් සභිකයන් මෙන්ම රිපබ්ලිකන් සෙනට් සභිකයන් පිරිසකගේ ද සහයෙන් ඡන්ද 70-29 ක් ලෙස මෙම යෝජනාවලිය සම්මත වුණා. කෙසේ වෙතත් මෙය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පරාජය වීමට ඉඩ තිබෙනවා.
2025 අගෝස්‍තු 02, පෙ.ව. 9:07
2025 අගෝස්‍තු 02, පෙ.ව. 8:59
2025 ජූලි 31, ප.ව. 11:15
2025 ජූලි 30, පෙ.ව. 9:13
2025 ජූලි 28, ප.ව. 11:38