hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 05, පෙ.ව. 10:04



යුක්‍රේන යුද්ධය ජය පැරදුමකින් තොර තත්ත්වයකට පැමිණ ඇති බවට එරට හමුදාපති වලේරි සලුෂ්නි විසින් පසුගියදා කරන ලද ප්‍රකාශය පිළිබඳ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ කාර්යාලය සිය අප්‍රසාදය දක්වා තිබෙනවා.

සිකුරාදා රූපවාහිනිය ඔස්සේ විකාශය වූ කතාවකදී ජනාධිපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඊගර් ෂොව්කා කියා සිටියේ හමුදාපතිවරයා එම ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදුකිරීම නුසුදුසු බවයි.

එම ප්‍රකාශය මගින් යුක්‍රේනයට සහය දෙන සමහර බටහිර රටවල් ද කලබලයට පත්ව ඇතැයි ෂොව්කා පෙන්වා දෙනවා.

යුක්‍රේන යුද්ධය පළමු ලෝක යුද්ධයේ එක් අවස්ථාවක වූ පරිදි ජය පැරදුමක් නොමැති තැනකට පැමිණ ඇති බවත්, පවතින තාක්ෂණය මගින් ද පළමු ලෝක යුද්ධය වූ ආකාරයේ විශාල කඩාපැනීමක් සිදුවේ යයි අපේක්ෂා කිරීම අපහසු බවත් නොබෝදා “ද ඉකොනොමිස්ට්” සඟරාව සමග කළ සාකච්ඡාවකදී සලුෂ්නි පවසා තිබුණා.

එමෙන්ම කල් පවතින අගල් යුධ ව්‍යාපාරයක ප්‍රතිඵලය වන්නේ යුක්‍රේනය තවත් වෙහෙසට පත්වීම බව පැවසූ සලුෂ්නි, රුසියාවට දිගු යුද්ධයක් සඳහා අවශ්‍ය පිරිස් බලය සහ සම්පත් ඇති බව ද පෙන්වා දුන්නා.

නමුත් මෙම ප්‍රකාශ පිළිබඳ අදහස් දක්වන ෂොව්කා පැවසූයේ මාධ්‍යවලට මෙවන් ප්‍රකාශ කිරීම මගින් වාසිය සැලසෙන්නේ රුසියාවට බවයි.

ජෙනරාල් වලේරි සලුෂ්නි 2021 ජූලි මාසයේ සිට යුක්‍රේනයේ හමුදාපති ලෙස සේවය කරනවා.