hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 ජූලි 03, ප.ව. 6:46



හන්ගේරියාවේ අගමැති වික්ටර් ඔර්බාන් ඊයේ යුක්‍රේනයේ සංචාරයක නිරත වුණා. ඔහු මෙසේ යුක්‍රේන සංචාරයක නිරත වූයේ වසර ගණනාවකට පසුවයි. මෙම අවස්ථාවේදී ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි හමුවූ ඔහු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළා.

රුසියානු-යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයකට එකඟ වන ලෙස ඔර්බාන් කළ යෝජනාව සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කළා. සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ යුක්‍රේනයේ ස්ථාවරය තමන් මීට පෙර පැහැදිලි කර ඇති බව සහ එය නොවෙනස්ව පවතින බවයි.

කෙසේ වෙතත් දෙරට අතර ද්විපාර්ශවික අවබෝධය වර්ධනය කරගැනීම පිළිබඳ සිදුවූ සාකච්ඡා වඩාත් ඵලදායක වූ බව සෙලෙන්ස්කි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා. දෙරට අතර අනාගතයේදී ඒකාබද්ධ ලියවිල්ලක් අත්සන් කරන තැනට මෙම සාකච්ඡාව ගෙන යා හැකි යැයි තමා විශ්වාස කරන බවයි ඔහු කියා සිටියේ.

හන්ගේරියාව සහ යුක්‍රේනය අතර පසුගිය වසර කිහිපයක් මුළුල්ලේම යුක්‍රේනයේ වසන හන් ගේරියානු ජනතාවගේ අයිතීන් පිළිබඳ මතභේදයක් තිබුණා. එමෙන්ම හන්ගේරියාව රුසියානු-යුක්‍රේන යුද්ධයේ දී රුසියාවට හිතකර මතයක සිටින හෙයින් මෙම දෙරටෙහි මතභේදයන් ද වැඩිදියුණු වුණා.