hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 අගෝස්‍තු 30, ප.ව. 2:10



අගෝස්තු 26 වනදා එල්ල වූ රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය අතරවාරයේ තම F-16 යානයක් කඩාවැටුණ බව සහ එහි නියමුවා මියගිය බව යුක්‍රේනය නිල වශයෙන් පිළිගත්තා.

ඔලෙක්සේයි මේස්යා නම් එම නියමුවා රුසියානු කෲස් මිසයිල තුනක් සහ ඩ්‍රෝනයක් විනාශ කිරීමට සමත් වූ බව ද යුක්‍රේනය සඳහන් කළා.

ඔහුගේ යානය කඩාවැටුණේ අනතුරකින් බවයි යුක්‍රේනය පවසන්නේ.

කෙසේ වෙතත් යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රිණී මරියානා බෙසූලා ඊට වඩා වෙනස් කරුණක් සිය ෆේස්බුක් පිටුවෙහි සටහන් කර තිබෙනවා. ඇය පවසන්නේ ඇයට ලැබුණ තොරතුරු අනුව මෙම යානය විනාශ වීම යුක්‍රේනය වෙතින්ම එල්ල වූ පේට්‍රියට් මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූ බවයි.

මෙම කරුණ යුක්‍රේන බලධාරීන් විසින් සඟවන බව ඇය චෝදනා කරනවා. එමෙන්ම ගුවන් හමුදාවේ වැරදි පිළිබඳ නිසි පියවර නොගැනෙන බවට ඇය පවසනවා.

බෙලූහා යුක්‍රේන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානියා ද වනවා.