hit counter

2025 ජූලි මස 26 වන සෙනසුරාදා

2025 ජූලි 25, පෙ.ව. 8:30



තම ආරක්ෂක විධිවිධානයක් නියමාකාරයෙන් සකසා නොගෙන සටන් විරාමයකට එළඹීමට උත්සහ කිරීම ප්‍රයෝජනවත් නොවන බවත් එයින් යුද්ධය ඇතැම්විට 2034 දක්වා වුවද දිග්ගැස්සීමට අවකාශ ඇති බවත් හිටපු යුක්‍රේන හමුදාපති සහ වර්තමානයේ බ්‍රිතාන්‍යයේ යුක්‍රේන තානාපති වලේරි සලුශ්නි පවසනවා.

යුක්‍රේනයේ මාධ්‍ය ආයතනය සමග සංවාදයකට එක්වෙමින් ඔහු සිහිපත් කළේ රුසියාව සමග යුද්ධය නියමාකාරයෙන් ඇරඹුණේ 2014 දී බවයි.

2024 වනවිට යුද්ධය වෙනස් උපක්‍රමික මානයක් කරා පැමිණ ඇතැයි ද සලුශ්නි ප්‍රකාශ කළා. 2022 දී පාබල සෙබලුන්ට ඉදිරියෙන් යුධ ටැංකි පැමිණි බවත් අද වනවිට එය උඩු යටිකුරු වී ඇති බවත් ඔහු පවසනවා.

යුක්‍රේනය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වූ ස්වයං ආරක්ෂාව පිළිබඳ යුද්ධයක යෙදිය යුතු යැයි ද ඔහු කියා සිටියා.

රුසියාව පරාජය කිරීමට නම් එරටට යුධ කිරීම සඳහා ඇති ආර්ථික හා මිලිටරි ශක්තිය බිඳ දැමිය යුතු බවයි සලුශ්නි අවධාරණය කළේ.