2023 අගෝස්තු 31, පෙ.ව. 11:54
දකුණුදිග සහ නැගෙනහිර යුක්රේනයේ සටන් පෙරමුණුවල යුක්රේනය යම් ඉදිරි ගමනක් පෙන්නුම් කරන අතරවාරයේ ඊසානදිගින් රුසියානුවන් ඉදිරියට පැමිණෙමින් ඇති බවට වාර්තා වනවා.
දකුණුදිගින් සපරෝෂියා පළාතේ රබතයින් අල්ලාගත් යුක්රේනියානුවන් මේ වනවිට රුසියානුවන්ගේ පළමු ආරක්ෂක වළල්ලේ පිටිපසට පැමිණ ඇති බව විශ්වාස කෙරෙනවා. යුක්රේනියානුවන් ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ලහි ලහියේ සිදුකරන බව වාර්තා වනවා.
තොක්මක් නගරය දෙසට වන රුසියානු සැපයුම් මාර්ගයෙහි එම ප්‍රදේශය පිහිටා තිබීම හේතුවෙන් රබතයින් වැදගත් වනවා. යුක්රේනියානුවන් විශ්වාස කරන්නේ රුසියානුවන් රබතයින් යළි අල්ලාගැනීමට උත්සාහ කරනු ඇති බවයි.
මේ අතර යුක්රේන හමුදා රබතයින් හි සිට කිලෝමීටර් අටක් නැගෙනහිරින් පිහිටි වර්බෝව් දෙසට ගමන් කරමින් සිටින බව ද වාර්තා වනවා.
රබතයින් ප්‍රදේශයේ සටන් කළ යුක්රේන අණදෙන නිලධාරියකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔවුන් රුසියානුවන් ගේ අසීරුම ආරක්ෂක වළලු තරණය කළ හෙයින් ඉදිරි ගමන වේගවත් වනු ඇති බවයි.
මේ අතර ඊසානදිග යුක්රේන පෙරමුණේ කුපියන්ස්ක් වෙත රුසියානු තර්ජනය නැවත ප්‍රබල ලෙස මතුව තිබෙනවා. එහෙයින් යුක්රේනය පෙරමුණු දෙකේ සටන් සඳහා පිරිස් යැවීම පිළිබඳ කිසියම් අවිනිශ්චිතතාවයකට මුහුණ දෙමින් සිටින බවයි පෙනී යන්නේ. දකුණේ වාර්තාවන ඉදිරි ගමන් වඩා හොඳින් යොදවාගැනීමට ඔවුන්ට අපහසුව ඇත්තේ මේ පිරිස් හිඟය නිසා බව ඇතැම් යුක්රේන නිලධාරීන් පෙන්වා දෙනවා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35