hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 28, ප.ව. 7:39



රුසියාවට එරෙහිව යුක්‍රේනය විසින් දියත්කර ඇති ඩ්‍රෝන ප්‍රහාර තනි නායකත්වයක මෙහෙයවීමෙන් සිදුවන්නක් නොව විවිධ ආයතන විසින් එකිනෙකට ස්වාධීනව සිදු කෙරෙන කටයුතු බව “ද ඉකොනොමිස්ට්” සඟරාව පවසනවා.

අගෝස්තු 27 වනදා පළවූ ලිපියක් මගින් එම සඟරාව පෙන්වා දෙන්නේ යුක්‍රේනයේ විවිධ බුද්ධි සේවා තම තමන්ගේ ඩ්‍රෝන ව්‍යාපෘති සිදු කරන අතර වෙනත් පුද්ගලයන් ද එයට සම්බන්ධ වන බවයි. බටහිර රටවලින් ලැබෙන බුද්ධි තොරතුරු ද මේ සඳහා යොදාගැනෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර මෙසේ එල්ල වන ඇතැම් ප්‍රහාර හමුදාමය වටිනාකම සලකා සිදුවන ප්‍රහාර නොව ප්‍රසිද්ධිය අරභයා සිදුවන ඒවා බවයි එම වාර්තාවෙන් පැවසෙන්නේ. මොස්කව් වෙත එල්ලවන ප්‍රහාරවල අරමුණ එම ඩ්‍රෝන කෙරෙහි වෙනත් ගැනුම්කරුවන් ආකර්ශනය කරගැනීම බව එම වාර්තාවෙන් තවදුරටත් පෙන්වා දෙනවා.