hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 12, ප.ව. 12:07



යුක්‍රේන හමුදා කණ්ඩායම් රුසියාවේ කුර්ස්ක් පළාත ඔස්සේ ඇතැම් ස්ථානවලින් කිලෝමීටර් 25-30 ක් පමණ ඉදිරියට ගමන් කර ඇතැයි බීබීසී ආයතනය පවසනවා.

රුසියානුවන් විසින් තෝල්පිනා, ඔබ්‍ෂි කලෝදෙස් සහ ජුරව්ලී යන ගම්මාන අසළදී යුක්‍රේන හමුදා කණ්ඩායම් වෙත පහර දී ඇතැයි වාර්තා වුණා. එම ප්‍රදේශ පිහිටා ඇත්තේ දේශසීමාවෙන් කිලෝමීටර් 25-30 ක් අභ්‍යන්තරයේ යි. කෙසේ වෙතත් එම ප්‍රදේශ යුක්‍රේන පාලනයට නතුව ඇති බවක් සඳහන් වන්නේ නැහැ.

මේ අතර සූද්ජ නගරය ආසන්න ප්‍රදේශයන් හි තවමත් සටන් පවතින බව වාර්තා වනවා. එම නගරය දේශසීමාවෙන් කිලෝමීටර් 10 ක් අභ්‍යන්තරයේ පිහිටා තිබෙනවා.

රුසියානුවන් කුර්ස්ක් න්‍යෂ්ටික බලාගාරයට කිලෝමීටර් 8 ක් පමණ එපිටින් යුධ අගල් සාරන බව ද බීබීසීය පවසනවා. එම බලාගාරය පිහිටා ඇත්තේ කුර්ස්ක් නගරයට බටහිරින්.