hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 10:47



ඉන්දියාවේ නිරිතදිග ප්‍රදේශයේ අසාම් ප්‍රාන්තයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සංවිධානයක් වූ අසාම් එක්සත් විමුක්ති පෙරමුණ (United Liberation Front of Assam) හි සාකච්ඡා සඳහා පක්ෂ පාර්ශවය අද ඉන්දීය මධ්‍යම ආණ්ඩුව සහ අසාම් ප්‍රාන්ත ආණ්ඩුව සමග සාම ගිවිසුමක් අත්සන් කළා.

මේ අනුව මෙම කණ්ඩායම සන්නද්ධ ක්‍රියා අවසන් කරන අතර සිය සංවිධානය විසුරුවා හැර දේශපාලන ප්‍රවාහයට එක්වනු ඇති.

අසාම් ප්‍රාන්තයේ ස්වෛරී අසාම් රාජ්‍යයක් උදෙසා උල්ෆා සංවිධානය පිහිටුවන ලද්දේ 1979 අප්‍රේල් 7 වනදා යි. එය 1980 දශකයේදී අසාම් හි සැලකියයුතු තර්ජනයක් වූ සංවිධානයක් වුණා.

එම සංවිධානයේ සාකච්ඡා සඳහා පක්ෂ පාර්ශවය සමග ඉන්දියානු ආණ්ඩුව වසර 12 ක් මුළුල්ලේ සාකච්ඡා පවත්වනවා. මෙම පාර්ශවයෙහි නායකයා වන්නේ අරබින්ද රාජ්කොවා යි.

අද පැවති සාම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට රාජ්කොවා ඇතුළු පිරිසක් ද ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා සහ අසාම් මහ ඇමති හේමන්ත බිස්වා ශර්මා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර පරේශ් බරුවාගේ නායකත්වයෙන් යුතු උල්ෆා හි අන්තවාදී කණ්ඩායම දිගටම සන්නද්ධ අරගලයෙහි නිරතව සිටිනවා.