2025 ජූනි 18, පෙ.ව. 7:14
සිය ටෘත් සෝශල් ගිණුමෙහි අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ඊයේ රාත්‍රියේ කරුණු කිහිපයක් සඳහන් කළා.
ඉන් එක් ප්‍රකාශයක වූයේ කොන්දේසි විරහිතව යටත්වන ලෙස කළ සඳහනක්. එය ඉරානය වෙත කළ අනතුරු ඇඟවීමක් ලෙසයි පෙනී යන්නේ.
මේ අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ක්හමනේයි සිටින ස්ථානය දන්නා බවත් ඔහුට පහරදීම එතරම් දෙයක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා. නමුත් දැනට එවැනි පියවරකට නොයන බවයි ඔහු කියා සිටින්නේ.
මේ අතර ඉරානයේ ගුවන් සීමාව සම්පූර්ණයෙන්ම තමන් අත පවතින බව ද ට්‍රම්ප් සඳහන් කරනවා.
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත පහරදීම පිළිබඳ මෙතෙක් ඇමරිකාව තීරණයක් ගෙන නැතත් එවන් තීරණයක් ගැනීමේ ඉඩක් ඇතැයි ඇක්සියෝස් වෙබ් අඩවිය සඳහන් කළා.
මේ අතර ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් මැදපෙරදිග ඇමරිකානු කඳවුරු වෙත පහරදීමට ඉරානය සූදානමින් සිටින බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
2025 ජූනි 17, ප.ව. 3:45
2025 ජූනි 17, පෙ.ව. 6:36
2025 ජූනි 16, ප.ව. 10:04
2025 ජූනි 16, ප.ව. 9:06
2025 ජූනි 14, පෙ.ව. 4:42