hit counter

2025 ජූනි මස 13 වන සිකුරාදා

2023 අගෝස්‍තු 31, පෙ.ව. 10:42



යුක්‍රේනයේ යුද්ධය සඳහා රුසියාවට ආයුධ සැපයීම පිළිබඳ සාකච්ඡා නවතා දමන ලෙස ඇමරිකාව විසින් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබෙනවා.

උතුරු කොරියාව රුසියාවට ආයුධ සපයන්නේ නැතැයි ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් දී ඇති බැවින් එය ඉටු කළ යුතු බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි සඳහන් කළා.

ජූලි මාසයේදී රුසියානු ආරක්ෂක ඇමති සර්ගේයි ෂොයිගු උතුරු කොරියාවේ සංචාරය කළ අවස්ථාවේ රුසියාවට කාලතුවක්කු උණ්ඩ සැපයීම සඳහා එරට එකඟ කරගැනීමට උත්සාහ කළ බව ඇමරිකාව විශ්වාස කරන්නේ යයි ද කර්බි පවසනවා.

පසුගිය වසරේ ද උතුරු කොරියාව විසින් රුසියාව වෙත කාලතුවක්කු උණ්ඩ සපයන ලද බව ඇමරිකාව චෝදනා කළා.