hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 26, ප.ව. 11:54



යුක්‍රේනය වෙත ලබාදී තිබූ ඇමරිකානු ඇබ්‍රම්ස් යුධ ටැංකියක් රුසියානු ප්‍රහාර හේතුවෙන් විනාශ වී ඇති බවට පුවතක් වාර්තා වනවා.

මෑතකදී රුසියානුවන් අතට පත්වූ අව්දීව්කා ආසන්නයේදී මෙම යුධ ටැංකියට ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් නිල වශයෙන් මෙම යුධ ටැංකියට ප්‍රහාරයක් එල්ල වී එයට හානි සිදුවූ බවක් තහවුරු කර නැහැ.

මෙම වාර්තා සත්‍යය නම් ඇමරිකානු ඇබ්‍රම්ස් යුධ ටැංකියක් යුක්‍රේන පෙරමුණේදී විනාශ වූ පළමු අවස්ථාව මෙය බවට පත්වනු ඇති.