hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2024 ජනවාරි 13, ප.ව. 10:27



යේමනයේ හූති කැරලිකරුවන් වෙත අද ද ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසනවා.

ඇමරිකාවේ මධ්‍යම විධානය කියා සිටියේ හූති රේඩාර් පද්ධතියක් මෙසේ ඉලක්ක කළ බවයි. එමගින් ඔවුනගේ රතු මුහුදේ නෞකා නිරීක්ෂණය කිරීමේ හැකියාව මොට කිරීමට බලාපොරොත්තු වූ බවයි ඇමරිකාව පවසන්නේ.

ඊයේ දිනයේ හූති ඉලක්ක ගණනාවක් වෙත ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ප්‍රහාර එල්ල කරනු ලැබුණා. හූති කැරලිකරුවන් පවසන්නේ ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුම් අවසන් කෙරෙන තුරු තමන් දිගටම ඊශ්‍රායලයට සම්බන්ධ නෞකා වෙත පහරදෙන බවයි.