2025 පෙබරවාරි 18, ප.ව. 4:45
 
            
2022 පෙබරවාරියෙන් පසුව රුසියාවෙහි ව්‍යාපාරික කටයුතු නැවැත්වීමෙන් ඇමරිකානු සමාගම්වලට සිදුවූ පාඩුව ඩොලර් බිලියන 300 ක් බව රුසියානු ඍජු ආයෝජන අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රියේෆ් පවසනවා.
සෞදි අරාබියේ රියාද් නුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වන ඔහු සඳහන් කළේ සම්බාධක දැමීමෙන් රුසියාවට හානියක් වූයේ යැයි බටහිර මාධ්‍ය කරුණු දැක්වූව ද එයින් වැඩිම පාඩුව වූයේ බටහිරට බවයි.
රුසියාව තවත් ස්වාධීන වූ බවත් ඇමරිකානු සමාගම්වලට පාඩු සිදුවූ බවත් දිමිත්‍රියේෆ් කියා සිටිනවා.
තවද බයිඩන් පාලනයේ ක්‍රියාකලාපයන් හේතුවෙන් ඩොලරය කෙරේ වූ විශ්වාසය ද පළුදු වූ බව ඔහු සඳහන් කළා.
ඇමරිකාව සහ රුසියාව ආක්ටික් කලාපයේ කටයුතු ආදී ව්‍යාපෘතිවලදී එක්ව කටයුතු කළ යුතු යයි දිමිත්‍රියේෆ් පැවසුවා.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 8:02
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 10:16
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 9:31
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 8:43
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 7:19