hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 10, ප.ව. 10:53



යුක්‍රේනය වෙත ලබාදුන් ඇමරිකාන් ඩ්‍රෝන බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීම පිළිබඳ ඇමරිකානු අවධානය යොමුව ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසනවා.

මෙම ඩ්‍රෝන රුසියානුවන් විසින් කරන සංඥා අවහිර කිරීම් සහ පද්ධති ව්‍යාකූල කිරීම් හමුවේ අසාර්ථක වී ඇති බවයි පැවසෙන්නේ.

මෙම ඩ්‍රෝන නිපදවන සමාගම් පවසන්නේ ඉලෙක්ට්‍රොනික යුද්ධය මෙතරම් කඩිනමින් මෙවැනි වැදගත්කමක් ගනු ඇතැයි අපේක්ෂා නිකළ බවයි. වසර කිහිපයකට පෙර ඇමරිකානු හමුදා අංශවල අවශ්‍යතා අනුව නිර්මාණය වූ ඩ්‍රෝන මේ වනවිට අසාර්ථක වන තත්ත්වයක් පවතින බවයි පෙනී යන්නේ. මේ අනුව ඩ්‍රෝන තාක්ෂණය වැඩිදියුණු කිරීම අවශ්‍ය ව තිබෙනවා.

මේ අතර යුක්‍රේනයට මාසයකට ඩ්‍රෝන 10,000 ක් පමණ අවශ්‍යව ඇති අතර චීනයෙන් ලබාගන්නා කොටස් භාවිතයෙන් එම අවශ්‍යතාවයෙන් විශාල කොටසක් සපුරාගන්නට කටයුතු කරන බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසා සිටින්නේ.