2025 ජූනි 12, ප.ව. 11:43
ඉරානය වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම අතරවාරයේ ඇමරිකානුවන් විසින් මැදපෙරදිග කලාපයේ තානාපති කාර්යාල කිහිපයක අත්‍යවශ්‍ය නොවන කාර්යය මණ්ඩලය ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වනවා.
ඉරානය සහ ඇමරිකාව අතර ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව පතවිත සාකච්ඡා අසාර්ථක වන පසුබිමෙහි ඉරාන න්‍යෂ්ටික සංකීර්ණ වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ඇමරිකානු බුද්ධි නිලධාරීන් අනතුරු අඟවනවා. ඇමරිකානු අවසරයක් නොමැතිව එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බවත්, එවන් අවස්ථාවක ඉරානය විසින් ඇමරිකානු ඉලක්ක වෙතද පහර දිය හැකි බවත් එම නිලධාරීන් අනතුරු අඟවා ඇතැයි වාර්තා වනවා.
ඊශ්‍රායලයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල සහ තවත් කරුණු පිළිබඳ තොරතුරු රැසක් තමන් අතට ද පත්ව ඇති බවත් ඒ හේතුවෙන් ඊශ්‍රායල ඉලක්ක වෙත පහරදීමේ හැකියාව වර්ධනය වූ බවත් ඉරානය ද පසුගියදා සඳහන් කළා.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවයකට නොපැමිනෙන්නේ නම් බරපතල පියවර වෙත එළඹිය හැකි යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබෙනවා. ඉරානයට පෙර නොවිරූ ආකාරයේ බෝම්බ ප්‍රහාර එල්ල කරන්නේ යැයි ද වරක් ඔහු කියා සිටියා.
මේ අතරවාරයේ ඉරානය අද දින මහා පරිමාණයේ යුධ අභ්‍යාසයක් ඇරඹූ බව ද වාර්තා වුණා.
2025 ජූනි 13, පෙ.ව. 9:16
2025 ජූනි 12, ප.ව. 8:56
2025 ජූනි 12, ප.ව. 5:29
2025 ජූනි 12, ප.ව. 5:16
2025 ජූනි 09, පෙ.ව. 11:29