hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 21, පෙ.ව. 11:17



යුක්‍රේනය වෙත ඩොලර් බිලියන 61 කට ආසන්න ආධාර ප්‍රමාණයක් ලබාදීම සඳහා වූ යෝජනාව ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඊයේ සම්මත වුණා.

රිපබ්ලිකන් පක්ෂ මන්ත්‍රීන් කොටසකගේ විරෝධය හමුවේ වුවද එය සම්මත වූයේ ඩිමොක්‍රටික් පක්ෂයේ සහය ඊට ලැබීම නිසයි.

මේ සමගම ඊශ්‍රායලය වෙත ඩොලර් බිලියන 17 ක මිලිටරි ආධාර සහ ගාසා තීරයට ඩොලර් බිලියන 9 ක ආධාර ද තායිවානය ආදී රටවලට බිලියන 8 ක ආධාර ද සම්මත වී තිබෙනවා.

මෙම ආධාර සම්මත වීම පිළිබඳ යුක්‍රේනය සිය සතුට පළකරනවා. ඔවුන් කලක තිස්සේ මෙම ආධාර ඉල්ලා සිටි අතර ආධාර නොමැතිව රුසියාව සමග යුද්ධය කරගෙන යාම අපහසු බව පුන පුනා සඳහන් කරමින් සිටියා. ඇමරිකාවේ අභ්‍යන්තර දේශපාලන නාඩගම් හේතුවෙන් තමන් අසරණව සිටින බවයි ජනාධිපති සෙලෙන්ස්කි නිරන්තරයෙන් සඳහන් කළේ.