hit counter

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2024 මාර්තු 15, පෙ.ව. 7:56



ඇමරිකානු බලධාරීන් සහ ඉරානය අතර ජනවාරි මාසයේදී රහස්‍ය සාකච්ඡා පැවැත්වුණ බව ෆයිනෑන්‍ෂල් ටයිම්ස් පුවත්පත වාර්තාකර තිබුණා.

ඕමානයේ මැදිහත්වීමෙන් පවත්වන ලද මෙම සාකච්ඡාවලදී ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ද අදහස් හුවමාරු වී ඇති අතර වඩාත්ම වැදගත් අවධානය යොමුව ඇත්තේ රතු මුහුදේ හූති ප්‍රහාරයන් පිළිබඳවයි.

හූති කැරලිකරුවන් විසින් එල්ල කරන ප්‍රහාර නැවැත්වීම සඳහා ඔවුන්ට බලපෑම් කරන ලෙස ඉරානයෙන් ඉල්ලා සිටීමට ඇමරිකාව මෙහිදී කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත් එම ඉල්ලීම්වලින් ප්‍රතිඵලයක් මෙතෙක් සිදුව නැහැ.