2023 අගෝස්තු 18, පෙ.ව. 6:43
ඇමරිකානු, ජපන් සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක් අද දිනයේ ඇමරිකාවේ කෑප්ම් ඩේවිඩ් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, දකුණු කොරියානු ජනාධිපති යූන් සොක්-යොල් සහ ජපන් අගමැති ෆුමියෝ කිෂිදා අතර මේ ආකාරයේ ත්රි පාර්ශවික හමුවක් සිදුවන්නේ පළමු වරටයි.
මෙය ජපානය සහ දකුණු කොරියාව අතර අවබෝධතාවය වර්ධනය වීම පිළිබඳ සාධකයක් ලෙස සැලකෙනවා. විශේෂයෙන්ම චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන කලාපීය අභියෝග හමුවේ මෙම හමුව වැදගත් තැනක් ගන්නා සිද්ධියක් බවට පත්ව තිබෙනවා.
ජපානය සහ දකුණු කොරියාව අතර දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසුවම වූයේ එක්තරා ආකාරයක මිශ්ර වූ සබඳතාවයක්. ජපානය විසින් විසිවන සියවස මුල් භාගයේදී කොරියාව පාලනය කිරීම සහ එහිදී වූ අකටයුතුකම් මේ සඳහා හේතු වුණා.
මේ ආකාරයෙන් දෙරට අතර සබඳතා වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමේදී දැක්වූ දේශපාලනික නිර්භීතත්වය පිළිබඳ ධවල මන්දිර ආරක්ෂක උපදේශක ජෝන් කර්බි දකුණු කොරියානු සහ ජපන් නායකයින් වෙත සිය ප්රශංසාව පළ කළා. එමෙන්ම රටවල් තුන අතර සබඳතා සවිමත් කෙරෙන ආකාරයේ තීරණ රැසක් කෑම්ප් ඩේවිඩ් හිදී ගනු ලැබෙතැයි ඔහු කියා සිටියා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:22
2024 දෙසැම්බර් 20, ප.ව. 6:35