2025 පෙබරවාරි 18, ප.ව. 4:20
ඇමරිකානු සහ රුසියානු දූත කණ්ඩායම් හි සාකච්ඡා අද සෞදි අරාබියේ රියාද් නගරයේදී ඇරඹුණා. මේ සඳහා ඇමරිකානු දූත කණ්ඩායම රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝගේ ප්‍රධානත්වයෙන් ද රුසියානු දූත කණ්ඩායම විදේශ ඇමති සර්ගේයි ලැව්රෝෆ්ගේ ප්‍රධානත්වයෙන් ද පැමිණ තිබෙනවා.
මීට අමතරව ඇමරිකානු ජාතික ආරක් ෂක උපදේශක මයික් වොල්ට්ස් සහ මැදපෙරදිග පිළිබඳ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ද රුසියානු ජනාධිපතිගේ විදේශ කටයුතු උපදේශක යූරි උෂාකෆ් සහ රුසියානු ස්වෛරී අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රියෙෆ් ද ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවලට සහභාගී වනවා.
සෞදි අරාබිය මෙහිදී මැදිහත්කරු ලෙස කටයුතු කරනවා.
මෙම සාකච්ඡාවලදී දෙරට අතර සබඳතා ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම පිළිබඳ සාකච්ඡා වන බව සඳහන් ව තිබුණා. එමෙන්ම යුක්‍රේනය ඇතුළු මාතෘකා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණේ තම රටෙහි නියෝජනයක් නොමැතිව යුක්‍රේනය ගැන කෙරෙන සාකච්ඡාවන් තමන් පිළිගන්නේ නැති බවයි.
2025 පෙබරවාරි 20, ප.ව. 9:41
2025 පෙබරවාරි 20, ප.ව. 9:30
2025 පෙබරවාරි 20, ප.ව. 9:22
2025 පෙබරවාරි 19, ප.ව. 12:56
2025 පෙබරවාරි 19, ප.ව. 12:49