2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:50
ශ්‍රී ලංකාවට සැතපුම් සිය ගණනක් එපිට මුහුදේදී ඇමරිකානු ආරක්ෂක අංශ විසින් චීනයේ සිට ඉරානය දක්වා ගමන්කළ නැවක් තම භාරයට ගෙන තිබෙනවා.
මෙම සිද්ධිය නොවැම්බර් මාසයේදී වූවක් බව ඒ පිළිබඳ අනාවරණය කළ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ප්‍රකාශ කළා.
මෙම නෞකාවෙහි ඉරාන බැලිස්ටික් මිසයිල වැඩපිළිවෙල සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ගෙනගිය බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග උපුටා දක්වන වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත කියා සිටියේ.
එමෙන්ම අදාල භාණ්ඩ තම භාරයට ගෙන නෞකාව නිදහස් කිරීමට ද ඇමරිකානු බලධාරීන් කටයුතු කළේ යැයි සඳහන් වනවා.
පසුගිය ජූනි මාසයේදී ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් අවස්ථාවේ ඉරාන බැලිස්ටික් මිසයිල සංචිතවලින් සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් වූයේ යැයි විශ්වාස කෙරෙනවා. එම වැඩපිළිවෙල නැවත ශක්තිමත් කිරීමට ඉරානය කටයුතු කරන්නේ යැයි වාර්තා වනවා.
2025 දෙසැම්‍බර් 14, ප.ව. 5:10
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:58
2025 දෙසැම්‍බර් 12, ප.ව. 12:59
2025 දෙසැම්‍බර් 11, ප.ව. 8:50
2025 දෙසැම්‍බර් 10, ප.ව. 11:47